Friday, October 14, 2011

Rockstar (රොක් සංගීත තරුව)


සුපිරි තරුවක් වෙන්න පුලුවන් ලස්සන, ඇහට කනට පේන කොල්ලොන්ට විතරද?
සාමාන්‍ය , සමාජේ කියන විදියට මෝඩ පෙනුමක් තියෙන කොල්ලෙක්ට මුලු ලෝකෙම ආදරේ කරන සුපිරි තරුවක් වෙන්න පුලුවන්ද?

මේ ඔක්කොටම උත්තර හෙට අනිද්දම නිකුත් වෙන ඉමිටියාස් අලි අධ්‍යක්ෂනය කරපු රොක්ස්ටාර් තුලින් අපිට බලාගන්න පුලුවනි;

මෙහි ප්‍රධාන චරිතය , ඒ කියන්නෙ "ජනර්ධන්"  කියන  පසුව "ජොඩන්" කියන සුපිරි තරුව වෙන තරුණයාට පණ පොවන්නේ බොලිවුඩයේ සුපිරි තරුණ නළු රන්බිර් කපූර්ය.
රන්බිර් කපූර් එහෙම නැත්තන් ජොඩන් ගේ පෙම්වතිය හැටියට ඇමරිකානු සුරූපි නිරූපිකාවක් වන නර්ගිස් ෆක්‍රි පණපොවන අතර මෙය ඇයගේ ප්‍රථම  චිත්‍රපටිය වනු ඇත.මෙය Eros International Media Ltd හා Shree Ashtavinayak Cinevision Ltd එක්ව නිශ්පාදනය කර ඇත.

මෙහි කතාව කෙටියෙන් මෙලෙස කියන්නම්. ජනර්ධන් ඉන්දියාවේ දිල්ලියේ හැදුනු වැඩුනු මධ්‍යම පාන්තික තරුණයෙකි.ඔහුගේ ජීවිතයේ එකම හීනය ජිම් මොරිසන් මෙන් රොක්ස්ටාර් කෙනෙකු වීමයි.නමුත් ඔහුගේ ගායනයට නිතරම ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ අවමන් පමණි.අවසානයේ ඔහුට කලයුතු දේ සිතාගත නොහැකිව යනවා.ඔහු උස්තාද් ජමීල් ඛාන් (ශම්මි කපූර්) යන ගායකයාගේ ඇසුර ලබන අතර සෑම සංගීත තරුවක්ම සතු පොදු ලක්ෂණය හඳුනා ගනියි. ඒ ඔවුන් සියල්ලන්ගේම සාර්තකත්වය පි‍ටුපස දුක්බර කතාවක් තිබීමයි.නමුත් ජනර්ධන් හට දුක්බර ජීවිතයකට යොමු වීමට කිසිදු හේතුවක් තිබුනේ නැත.එම නිසා ඔහු ඔහුගේ ජීවිතයට, ආත්මයට තමන් විසින්ම වධ හිංසා පමුණුවා ගැනීමට සිතා ගනී.මේ සඳහා හීර් කෝර්( නර්ගිස් ෆක්‍රි ) ව යොදා ගනී.  හීර් කෝර් ඔහු ඉගනුම ලබන විද්‍යාලයේ අතිශය ජනප්‍රිය සිසුවියකි.ඇය ලස්සනයි, දක්ෂයි, මාන්නධිකයි,පොහොසත්. ඒ වගේම බොහෝ දෙනෙකුගේ හදවත් බිඳ දමා ඇත.මේ නිසාම ජනර්ධන් හීර් ලවා තමාගේ හදවත බිඳ දමා ගැනීමට සූදානම් වේ.තමාගේ හදවත වේදනාවට ලක් කර ගැනීමේ අරමුනින් ඔහු හීර් ගේ ආදරය පතනවා.

රොක්ස්ටාර් යනු, ජනර්ධන් ජෝඩන් වීමේ කතාවයි.ඔහු ජොඩන් බවට පත් වන්නේ දුක් කම් කටොලු වධ වේදනා මැදය.සරල සාමාන්‍ය ජීවිතයක සිට හිංසා වේදනා වලට බඳුන් වුනු ආත්මයක් ආරූඩ කරගැනීමේ කතාවයි.ඔහු අවසානයේ තම හදවත කුඩා කල සිට ආශා කල අරමුණ ඉ‍ටු කර ගනී.එහෙත් එම අරමුණ මුදුන් පත් කර ගැනීමට ඔහු තම හදවතම සිඳ බිඳ දමයි.


අවසන් වරට ප්‍රේක්ශකයන් රන්බිර් ව දු‍ටුවේ අන්ජානා අන්ජානි චිත්‍රපටියෙන් වන අතර, රන්බිර් මේ වසරේ රඟපාන එකම චිත්‍රපටිය රොක්ස්ටාර් චිත්‍රපටියයි.
රොක්ස්ටාර් සියලු බොලිවූඩ් රසිකයන්ට ඉතා වැදගත් වීමට තව ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.
එකක් තමයි ශම්මි කපූර් කියන පසුගියද අප අතරින් වියෝවුනු බොලිවුඩයේ සද්දන්ත නළුවා අවසන් වරට මෙහි රඟපා තිබීමත් බොලිවූඩයේ මහා සංගීතවේදියා වන ඒ.ආර්. රහමාන් විසින් සංගීත අධ්‍යක්ශනය කර තිබීමත්ය.

දැනටමත් මෙහි ගීත හා පූර්ව ප්‍රචාරක පට වලට ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි.මෙම චිත්‍රපටිය November 11 වනදා එලි දැක්වේ.



රොක්ස්ටාර් චිත්‍රපටියේ එන සින්දු 14 ම Download කරගන්න පුලුවන් මේ site එකෙන් –


මෙහි වැඩි විස්තර සඳහා මෙම site එකට යොමු වන්න.



PS: මෙම ලිපියහි  මුල් පිටපත සකස් කලේ යොෂිතා අක්කි විසිනි.මම කලේ පරිවර්තනය හා සංස්කරණය පමණයි. මෙහි පසු සංස්කරණයන් චිත්‍රපටියේ නිල වෙබ් අඩවිය ඇසුරින් සකස් කරන ලදී.

3 comments:

  1. මේ චිත්‍රපටියෙ අඩංගු වෙන Rock සංගීත කොටස් වාදනය කරල තියෙන්නෙ සුපිරි සංගීත ශිල්පිනී Orianthi විසින්. Orianthi වඩාත් ජනප්‍රිය වුනේ පවත්වන්ට සැලසුම් කර තිබූ Michael Jackson ගේ This Is It ප්‍රසංග මාලාවේ Lead Guitarist ලෙස පෙනී සිටිය නිසයි.

    ReplyDelete
  2. නියම චිත්‍රපටයක් වගේ.. ආවහම බලමුකෝ :)

    ReplyDelete
  3. wow !!! seems this will be a hit ...

    ReplyDelete