Thursday, August 2, 2012

Barfi (2012)

Barfi! කියන්නේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත හින්දි චිත්‍රපටියකි. මෙහි අධ්‍යක්ෂනය අනුරාග් බාසු ගෙනි. රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා හා ඉලියානා ඩි කෲස් රංගනයෙන් දායක වේ. මෙහි කතාව මර්ෆි (රන්බීර් කපූර්) කියන ගොළු බිහිරි තරුණයෙක්ගේ ජීවිතය වටා ගෙතී ඇත. මර්ෆිට ඔහු ජීවත්වෙන ප්‍රදේශයේ අය කතා කරන්නේ බර්ෆි කියලාය. ඔහු ගොළු වුවත් බිහිරි වුවත් සැමවිටම සතුටින් ඉන්න උත්සහ කරන තරුණයෙකි. ඔහු ඒ ප්‍රදේශයේ තරුණියන් අතර මේ නිසා ප්‍රසිද්ධයි. මේ ඔහුගේත් ඔහුගේ ජීවිතයට එන තරුණියන් දෙදෙනෙකුගේත් අතර ඇතිවන මිහිරි-අමිහිරි සම්බන්ධතාව ගැන කතාවයි. ඒ තරුණියන් වන්නේ ශෘතී (ඉලියානා ඩි කෲස්) හා ජිල්මිල් (ප්‍රියංකා චොප්රා). මෙහි ජිල්මිල් ඔටිසම් රෝගයෙන් පෙලෙන තරුණියකි. බර්ෆිගේ ජීවිතය වෙනස් කරන සිදුවීම් ගණනාවක් සමඟ හද සනසන පරාර්ථකාමි ආදරය ගැන කියාදෙන අපූරු චිත්‍රපටියක් වන මෙය සැප්තැම්බර් 14 වනදා නිකුත් වීමට නියමිතයි. මෙම චිත්‍රපටියෙන් රන්බීර් කපූර් හා ප්‍රියංකා චොප්රා ගේ විශිෂ්ට රංගනයක් බලාපොරොත්තු විය හැකි බව විචාරක මතයයි.තවද මෙතෙක් දමිල හා තෙළිඟු චිත්‍රපටිවල රංගනයේ යෙදුන ඉලියානා ඩි කෲස් හින්දි සිනමාවට මේ චිත්‍රපටිය තුලින් පා තබයි. මෙහි දෙබස් ප්‍රමාණය ස්වල්පයක් වුවද සැවොම නැරඹිය යුතු චිත්‍රපටියක් බව මගේ අදහසයි.

Trailer එක මෙතනින් බලන්න

No comments:

Post a Comment