Tuesday, October 4, 2011

Mausam (ඍතු)

මෙම චිත්‍රපටිය කාලෙකින් දකින්න ලැබුනු ආදර කතාවකි. මෙම චිත්‍රපටිය මුලිකවම ගෙතෙන්නේ Harinder Singh හෙවත් Harry යන පන්ජාබි තරුණයා හා Aayath යන කාශ්මීරි තරුණිය වටාය.මෙහි මොවුන් දෙදෙනාගේ ජීවිතයේ වසර 10ක් තුල සිදුවන ලංවීම්, වෙන්වීම් මෙන්ම බාහිර ලෝකයෙන් ඔවුන්ට එල්ල වන අභියෝග පිලිබඳව වඩා නාට්‍යමය අන්දමින් පෙන්වයි.
මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ ජනප්‍රිය නලු ෂාහිඩ් කපූර් හා විලාසිතා ‍රැජින ලෙස ප්‍රකට සෝනම් කපූර් වේ.මෙම චිත්‍රපටිය ෂාහිඩ් කපූර් ගේ පියා වන පන්කජ් කපූර් ගෙ කුළිඳුල්

චිත්‍රපටිය වේ.
මෙහි සංගීතය ප්‍රීතම් විසින් නිර්මානය කරන ලද අතර මෙහි "රබ්බා" හා "සජ් ධජ් කෙ" යන ගීත ඉතා ජනප්‍රිය විය. Eros International Media Ltd හා Vistaar Religare Film Fund Cinergy එක්ව මෙය නිශ්පාදනය කරන ලදි.
ෂාහිඩ් හා සෝනම් කපූර් ට අමතරව අනුපම් ක්හෙර්, සුප්‍රියා පතක් , අදිති ෂර්මා මෙහි රංගනයෙන් දායක වේ.මෙම චිත්‍රපටිය තිරගත වීම අරඹන ලද්දේ සැප්තැම්බර් 23 වනදා සිටය.
මහත් ආන්දෝලනයන් හා බාධා මධ්‍යයේ මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරබිණි.ඉන්දියාවේ හා ස්කොට්ලන්තයේ රූපගත කරන ලැබූ අතර මෙහි රූප අතිවිශිශ්ට ලෙස කාච ගත කොට ඇත.

No comments:

Post a Comment