Friday, May 18, 2012

Ishaqzaade (2012)

















Ishaqzaade (ඉශක්සාදේ )කියන්නේ යශ් රාජ් ‍ෆිල්ම්ස් ඉදිරිපත් කල පසුගිය 11 වනදා තිරගත වූ හින්දි චිත්‍රපටියකි. මෙය ඉන්දියාවේ කුඩා නගරක් මූලික කරගෙන නිර්මාණය කල ආදර කතාවකි. මෙහි රංගනයෙන් අර්ජුන් කපූර් හා පරිනීති චොප්‍රා දායක වේ. මෙය අර්ජුන් කපූර්ගේ කුළුඳුල් චිත්‍රපටියයි. අර්ජුන් කපූර් කියන්නේ ජනප්‍රිය නලු අනිල් කපූර් ගේ ඥාති පුත්‍රයකි. ඒ වගේම ජනප්‍රිය නිලි සොනම් කපූර්ගේ ඥාති සහොදරයකි. පරිනීති චොප්‍රා කියන්නේ ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්‍රාගේ ඥාති සහෝදරිය වේ.
 මෙහි අධ්‍යක්ෂනය හබීබ් ෆයිසල් ගේය. හබීබ් ෆයිසල්ගේ දෙවන චිත්‍රපටිය මෙය වේ. ඔහුගේ පලමු චිත්‍රපටිය ඉන්දියානු National Award එකකින්ද පිදුම් ලැබුවේය.
මෙහි කතාව කෙටියෙන් කියනවානම් අල්මෝර් කියන ගමේ සිටින එකිනෙකාට විරුද්ධ ප්‍රාදේශීය දේශපාලන ප්‍රබලයන්ගේ පවුල් දෙකක ඉන්න පර්මා හා සෝයාගේ ආදර කතාවයි. ඔවුන් දෙදෙනාම මුලින් එකිනෙකාට වෛර කරනවා. ඒත් එය පසුව ආදරයක පෙරලෙනවා. නමුත් මේ ආදරයට ඔවුන් ගේ පවුල් වල ප්‍රතිචාර මොකක් වෙවිද? අවසානයේ ඔවුන් දෙදෙනාට කුමක් වේවිද? චිත්‍රපටිය බලලාම මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න.
මෙහි ඇතුලත් "පරෙශාන්" ගීතය ඉතා ජනප්‍රියට පත්වුනා. youtube හි මිලියනකට අධික views ප්‍රමානයක් මෙයට ලැබුනාය. එය මෙතනින් බලන්න.



Trailer එක බලන්න

4 comments:

  1. ඔයා මේ විත්‍රපටි නරඹලා ඊට පස්සේද මේ සටහන් දාන්නේ?

    ReplyDelete
    Replies
    1. මම පෝස්ට් කරපු හැම චිත්‍රපටියම බලලා තියෙනවා :)

      Delete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. මාර වාතයක්. කවුරුවත් කමෙන්ට් කරන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අයින් කලා...Thanks මතක් කලාට.... :)

      Delete