Sunday, October 2, 2011

Ra One (රා වන්)

සුපිරි නලු Shahrukh Khan රඟන මෙම චිත්‍රපටිය SCI-FI, ත්‍රාසයජනක , විනෝදාත්මක මෙන්ම පවුලේ චිත්‍රපටියකි. මෙහි කතාව කෙටියන් කියනවානම් පිය-පුතු සබඳතාව වටා ගෙතුනු කතාවකි.ශේකර් සුබ්‍රමනියම්, එංගලන්තයේ  London වල පදිංචි Video Game නිර්මානකරුවකි.ඔහු තම බිරිද සෝනියා හ පුතු ප්‍රතීක් සමග ජීවත් වේ.මෙහිදි ඔහු තම පුතු වෙනුවෙන් නිර්මානය කරන Video game එක සැබෑ ජීවියතට පැමින ක්‍රීඩා කිරිම මගින් ඔවුන්ගේ ජීවිත වෙනස් කරයි.

මෙම චිත්‍රපටිය Shahrukh Khan ගේ  Red Chillies Entertainment හා Eros Entertainment සමග නිශ්පාදනය කරන අතර මෙම චිත්‍රපටිය සදහා විශාල තාක්ෂනික ශිල්පීන් හා ප්‍රයෝග යොදා ඇත.මෙය ඉන්දියානු සිනමාවේ වැඩිම වියදමක් දරන ලද චිත්‍රපටිය ලෙස සැලකේ.
මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Anubhav Singha විසිනි.මෙහි Shahrukh Khan ට අමතරව ජනප්‍රිය නිලි Kareena Kapoor සොනියා ලෙසද,  Arjun Rampal Ra One යන දුශ්ට චරිතයද රඟ දක්වයි.මෙහි Shahrukh Khan ශේකර් හා G one යන චරිත දෙකම රඟ දක්වයි.
මොවුන්ට අමතරව Armaan Verma,Tom Wu, Shahana Goswami,Dalip Tahil, Sathish Shah ඇතුලු විශාල නලු නිලි පිරිසක් මෙයට දායක වේ.විශේෂයෙන්ම මෙහි ආරාධිත රංගනයෙන් සුපිරි නලු Rajini Kaanth,Sanjay Dutt හා Priyanka Chopra දායක වේ.

මෙම චිත්‍රපටිය සදහා Vishal-Shekar සංගීතය සපයන අතර මෙහි ගීත දෙකක්ම ජනප්‍රිය ගායක Akon විසින් ගායනා කර ඇත.මෙහි ගීත මේ වන විට ලොව පුරා ඉහල ජනප්‍රියතාවයට පත්ව ඇත.

මෙම චිත්‍රපටිය භාශා කිහිපයකින් මෙන්ම 3D මාධ්‍යන්ද නිකුත් කෙරේ.මෙය තිරගතවන්නෙ ඔක්තෝබර් 26 වනදාය.මෙම චිත්‍රපටිය ශ්‍රි ලංකාවේද තිරගත වේ.

මෙම චිත්‍රපටිය ඉන්දියානු සිනමාව එක් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස හැදින්වේ.

 මෙම චිත්‍රපටියේ වැඩි විස්තර දැන ගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
http://www.raonemovie.com/

තවද මෙහි ගීත mp3 මාධ්‍යයෙන් Download කරගැනීමට මෙම site එකට පිවිසෙන්න.
http://www.songs.pk/indian/ra_one_ra1_ra_1_2011_mp3_songs.html

මෙහි Youtube Channel එක වන්නේ http://www.youtube.com/user/RaOneMovie වේ.

2 comments: