Friday, August 3, 2012

Student of the Year (2012)

Student of the Year ( වසරේ හොඳම ශිෂ්‍යයා) කියන්නේ නිකුත් වෙන්න තියෙන අලුත්ම චිත්‍රපටියකි. මෙය කරන් ජොහාර් ගේ අධ්‍යක්ෂනයක් වන අතර නිෂ්පාදනය හීරූ ජොහාර් හා ගෞරි ඛාන් ගෙනි. කරන් ජොහාර් මෙතෙක් අධ්‍යක්ශනය කල සෑම චිත්‍රපටියකම ෂාරුක් ඛාන් රංගනයේ යෙදුනු නමුත් මෙම චිත්‍රපටියෙන් ඔහු නවක නළු නිලියන් රංගනයේ යොදවා තිබීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා බට් හා වරුන් ධවන් ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආලියා බට්, ජනප්‍රිය අධ්‍යක්ශක මහේශ් බට්ගේ දියණිය වන අතර වරුන් ධවන්, ජනප්‍රිය අධ්‍යක්ශක ඩේවිඩ් ධවන්ගේ පුත්‍රයාය. මෙම චිත්‍රපටිය මොවුන් තිදෙනාගේම කුළිඳුල් චිත්‍රපටියයි. මීට අමතරව බොලිවුඩ් නළු බොමන් ඉරානිගේ පුත් කයොස් ඉරානි, කරන් ජොහාර්ගේ පලමු චිත්‍රපටිය කුච් කුච් හෝතා හේ හි ෂාරුක් ඛාන් ගේ දියණිය අංජලී ලෙස රඟපෑ සානා සයීඩ්, ජනප්‍රිය නලු රිශි කපූර් හා රොනිත් රෝයි ඇතුලු නලු නිලි පිරිසක්ම රංගනයෙන් දායක වේ. තවද ජනප්‍රිය නිලි කාජල් ද මෙම චිත්‍රපටියේ ආරාධිත රංගනයේ යෙදේ. චිත්‍රපටියේ කතාව සෙන්ට් තෙරේසා විද්‍යාලයේ ඉගෙන ගන්නා අබිමන්යු, ශනායා හා රෝහන් වටා ගෙතී තිබෙනවා. මෙම විද්‍යාලයේ පවත්වන වසරේ හොඳම ශිෂ්‍යයා කුසලානය ජයගැනීමට වරක් හොඳම යහළුවන්ව සිටි අබිමන්යු හා රෝහන් තමන්ගේ මිත්‍රත්වය හා ආදරය පරදුවට තබමින් තරඟ වදිනවා. ඒත් මේ කුසලානය කවුරු ජය ගනීද? ශනායාගේ ආදරය කාට හිමි වේවිද? මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ඔක්තෝබර් 19 වනදා ලෝපුරා තිර ගතවන Student of the year චිත්‍රපටිය නරඹාම සොයාගන්න.

Trailer එක මෙතනින් බලන්න

1 comment: