Wednesday, August 8, 2012

English Vinglish (2012)

මුදල්, බලය හා ඉංග්‍රීසි දැනුම සමාජයේ ඕන කෙනක්ව මනින්න සලකන ප්‍රධාන සාධක තුනයි. ඉංග්ලිශ් වින්ග්ලිශ් කියන්නේ පිට දේශයකට ගිහින් ඉංග්‍රීසි නොදැනීම නිසා තමන්ගේම පවුලේ අයගෙනුයි, සමාජයෙනුයි කොන් වෙන කාන්තාවක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටිය ශශිගේ ප්‍රීතිමත් එනමුත් අනුකම්පාව දනවන ගමන් මගේ කතාවයි. ශශීගේ මේ ගමනේදී ඇයට ලැබෙන අත්දැකීම් වලින් අධිශ්ටානශීලීව ජීවිතේට මුහුණ දෙන හැටි, ඇය ඉංග්‍රීසි දැනුම ලබන හැටි, එයින් ධෛර්යවන්ත කාන්තාවක් වෙන හැටි මේ චිත්‍රපටියෙන් දිග හරිනවා. සමාජයට වැදගත් පණිවිඩයක් ගෙන එන මේ චිත්‍රපටිය ඔක්තෝබර් 5වනදා ලෝ පුරා නිකුත් වීමට නියමිත අලුත් බොලිවුඩ් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ වැඩි කොටසක් ඇමරිකාවේ නිව් යෝක් නුවර රූ ගත කර ඇත. මේ චිත්‍රපටියෙන් ලෝකයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ඉංග්‍රීසි නොදැනීම නැමති දුශ්කරතාවය නිරූපනය කරනවා. විනෝදජනක එනමුත් සංවේදී මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය 80 දශකයේ අතිශය ජනප්‍රිය නිලියක් වූ ශීදේවි විසින් නිරූපනය කරනවා. මේ ඇගේ නැවත ආගමනය සටහන් කරන හැමෝම නිකුත් වන තෙක් නොඉවසිල්ලෙන් ඉන්න චිත්‍රපටියක්. මෙහි ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්ද ආරාධිත රංගනයේ යෙදෙනවා. මෙම චිත්‍රපටිය, ශ්‍රී දේවිගේ සමකාලීන නිලියන් වූ මධුරි ඩික්සිත් හා කරිශ්මා කපූර් නැවත සිනමාවට ආගමනය වූ චිත්‍රපටි මෙන් අසාර්ථක නොවෙනු ඇති බව විචාරකයන් අදහස් කරනවා. මන්ද මේ චිත්‍රපටියේ ඒ සියලු චිත්‍රපටි වලට වඩා වෙනස් වන නිසාය.

Friday, August 3, 2012

Student of the Year (2012)

Student of the Year ( වසරේ හොඳම ශිෂ්‍යයා) කියන්නේ නිකුත් වෙන්න තියෙන අලුත්ම චිත්‍රපටියකි. මෙය කරන් ජොහාර් ගේ අධ්‍යක්ෂනයක් වන අතර නිෂ්පාදනය හීරූ ජොහාර් හා ගෞරි ඛාන් ගෙනි. කරන් ජොහාර් මෙතෙක් අධ්‍යක්ශනය කල සෑම චිත්‍රපටියකම ෂාරුක් ඛාන් රංගනයේ යෙදුනු නමුත් මෙම චිත්‍රපටියෙන් ඔහු නවක නළු නිලියන් රංගනයේ යොදවා තිබීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා බට් හා වරුන් ධවන් ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආලියා බට්, ජනප්‍රිය අධ්‍යක්ශක මහේශ් බට්ගේ දියණිය වන අතර වරුන් ධවන්, ජනප්‍රිය අධ්‍යක්ශක ඩේවිඩ් ධවන්ගේ පුත්‍රයාය. මෙම චිත්‍රපටිය මොවුන් තිදෙනාගේම කුළිඳුල් චිත්‍රපටියයි. මීට අමතරව බොලිවුඩ් නළු බොමන් ඉරානිගේ පුත් කයොස් ඉරානි, කරන් ජොහාර්ගේ පලමු චිත්‍රපටිය කුච් කුච් හෝතා හේ හි ෂාරුක් ඛාන් ගේ දියණිය අංජලී ලෙස රඟපෑ සානා සයීඩ්, ජනප්‍රිය නලු රිශි කපූර් හා රොනිත් රෝයි ඇතුලු නලු නිලි පිරිසක්ම රංගනයෙන් දායක වේ. තවද ජනප්‍රිය නිලි කාජල් ද මෙම චිත්‍රපටියේ ආරාධිත රංගනයේ යෙදේ. චිත්‍රපටියේ කතාව සෙන්ට් තෙරේසා විද්‍යාලයේ ඉගෙන ගන්නා අබිමන්යු, ශනායා හා රෝහන් වටා ගෙතී තිබෙනවා. මෙම විද්‍යාලයේ පවත්වන වසරේ හොඳම ශිෂ්‍යයා කුසලානය ජයගැනීමට වරක් හොඳම යහළුවන්ව සිටි අබිමන්යු හා රෝහන් තමන්ගේ මිත්‍රත්වය හා ආදරය පරදුවට තබමින් තරඟ වදිනවා. ඒත් මේ කුසලානය කවුරු ජය ගනීද? ශනායාගේ ආදරය කාට හිමි වේවිද? මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ඔක්තෝබර් 19 වනදා ලෝපුරා තිර ගතවන Student of the year චිත්‍රපටිය නරඹාම සොයාගන්න.

Trailer එක මෙතනින් බලන්න

Thursday, August 2, 2012

Barfi (2012)

Barfi! කියන්නේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත හින්දි චිත්‍රපටියකි. මෙහි අධ්‍යක්ෂනය අනුරාග් බාසු ගෙනි. රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා හා ඉලියානා ඩි කෲස් රංගනයෙන් දායක වේ. මෙහි කතාව මර්ෆි (රන්බීර් කපූර්) කියන ගොළු බිහිරි තරුණයෙක්ගේ ජීවිතය වටා ගෙතී ඇත. මර්ෆිට ඔහු ජීවත්වෙන ප්‍රදේශයේ අය කතා කරන්නේ බර්ෆි කියලාය. ඔහු ගොළු වුවත් බිහිරි වුවත් සැමවිටම සතුටින් ඉන්න උත්සහ කරන තරුණයෙකි. ඔහු ඒ ප්‍රදේශයේ තරුණියන් අතර මේ නිසා ප්‍රසිද්ධයි. මේ ඔහුගේත් ඔහුගේ ජීවිතයට එන තරුණියන් දෙදෙනෙකුගේත් අතර ඇතිවන මිහිරි-අමිහිරි සම්බන්ධතාව ගැන කතාවයි. ඒ තරුණියන් වන්නේ ශෘතී (ඉලියානා ඩි කෲස්) හා ජිල්මිල් (ප්‍රියංකා චොප්රා). මෙහි ජිල්මිල් ඔටිසම් රෝගයෙන් පෙලෙන තරුණියකි. බර්ෆිගේ ජීවිතය වෙනස් කරන සිදුවීම් ගණනාවක් සමඟ හද සනසන පරාර්ථකාමි ආදරය ගැන කියාදෙන අපූරු චිත්‍රපටියක් වන මෙය සැප්තැම්බර් 14 වනදා නිකුත් වීමට නියමිතයි. මෙම චිත්‍රපටියෙන් රන්බීර් කපූර් හා ප්‍රියංකා චොප්රා ගේ විශිෂ්ට රංගනයක් බලාපොරොත්තු විය හැකි බව විචාරක මතයයි.තවද මෙතෙක් දමිල හා තෙළිඟු චිත්‍රපටිවල රංගනයේ යෙදුන ඉලියානා ඩි කෲස් හින්දි සිනමාවට මේ චිත්‍රපටිය තුලින් පා තබයි. මෙහි දෙබස් ප්‍රමාණය ස්වල්පයක් වුවද සැවොම නැරඹිය යුතු චිත්‍රපටියක් බව මගේ අදහසයි.

Trailer එක මෙතනින් බලන්න

Heroine (2012) (18+)

Heroine කියන්නේ කරීනා කපූර් ප්‍රධාන චරිතයට පණ පොවන චිත්‍රපටියකි. මෙය කාන්තා ප්‍රධාන චරිතයක් තිබෙන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ශනය කර ඇත්තේ ඉන්දියානු ජාතික සම්මාන ලාබී චිත්‍රපටි ‍රැසක් මෙහෙයවූ මධුර් බන්ඩාකර්. මෙහි කතාව කලක් අති සාර්ථක හා ජනප්‍රිය නිලියක්ව සිටි මාහී අරෝරාගේ වෘත්තීය ජීවිතේ හා පෞද්ගලික ජීවිතේ කඩා වැටීම වටා ගෙතී ඇත. මෙහි මාහී අරෝරාගේ චරිතය කරීනා විසින් නිරූපනව කරන අතර චිත්‍රපටියේ ඇය සමඟ අර්ජුන් රාම්පාල්, රන්දීප් හුඩා වැනි නළුවන්ද රංගනයෙන් එක් වෙනවා.මෙම චිත්‍රපටිය කරීනාගේ හොඳම රංගනය වනු ඇතැයි විචාරකයන් මත පල කරයි. මෙම චිත්‍රපටිය සත්‍ය කතා කිහිපයක් ඇසුරින් නිර්මාණය කර ඇතිබව මාධ්‍ය වාර්තා කරනවා. තවද මෙම චිත්‍රපටියේ කරීනා වෙනුවට මුලින් රංගනය යෙදීමට සිටියේ අයිශ්වර්යා රායි වන අතර අයිශ්වර්යා පසුව චිත්‍රපටියෙන් ඉවත් වූයේ ඈ මවක් වීමට යන බව දැනගත් නිසාය. මෙම චිත්‍රපටිය සැප්තැම්බර් 21 වනදා සිට ලෝපුරා තිර ගත වීමට නියමිතයි.

Trailer එක මෙතනින් බලන්න 

Ek Tha Tiger (2012)

Ek Tha Tiger සුපිරි නළු සල්මාන් ඛාන් ගේ මේ වසරේ නිකුත් වෙන පලමු චිත්‍රපටියයි. මෙහි ප්‍රධාන නිලිය වන්නේ කට්‍රිනා කයිෆ්. ඇයගේ හා සල්මාන් ඛාන් ගේ සැබෑ ජීවිතේ ආදර කතාවට තිත තැබීමෙන් පසු රිදී තිරයේ පළමුවරට දක්නට ලැබෙන චිත්‍රපටිය මෙයයි. මෙය සල්මාන් ඛාන් යශ් රාජ් චිත්‍රපටියක රංගනය දක්වන පලමු වතාව වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටියේ කතාව ටයිගර් කියන නමින් හඳුන්වන රහස් ඒජන්තවරයෙක් වටා ගෙතුනු කතාවකි.ඉන්දීය රහස් ඔත්තු සේවය ,පාකිස්තානයට රහස් සපයනවා කියා එක්තරා විද්‍යාඥයෙක්ව සැක කරනවා. මේ ගැන සොයාබලන්න ඔවුන් ටයිගර් කියන අනවර්ත නාමයෙන් හඳුන්වන රහස් ඒජන්තවරයාව ඒ කියන්නේ සල්මාන් ඛාන්ව යවනු ලබනවා. ඒත් ටයිගර් එම විද්‍යාඥයාව බලාගන්න සෝයා ඒ කියන්නේ කට්‍රිනා කයිෆ් ට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් මෙය ටයිගර් ගේ සැබෑ මෙහෙයුමට බාධාවකි. ඔවුන් මේ නිසා අභියෝග ‍රැසකට මුහුණ පානවා. රටවල් කිහිපයක දිවෙන මෙම මෙහෙයුමේ අවසානය කුමක් වේවිද? උත්තරය අගෝස්තු 15 වනදා නිකුත් වන චිත්‍රපටිය නරඹා සොයාගන්න. 

Trailer එක



නිකුත් වී ඇති ගීත කිහිපයක්



Cocktail (2012)

Cocktail කියලා කියන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වෙන්න නියමිත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ සයිෆ් අලී ඛාන්, දීපිකා පදුකෝන් හා නවක නිලි ඩයනා පෙන්ටි රංගනයෙන් දායක වෙනවා. මේ කතාව ගෞතම් (ඒ කියන්නේ සයිෆ් අලී ඛාන් ), වෙරෝනිකා (ඒ කියන්නෙ දීපිකා පදුකෝන් ) සහ මීරා (ඒ කියන්නේ ඩයනා පෙන්ටි) කියන චරිත තුන වටා ගෙතී තියෙනවා . ගෞතම්ගේ ජීවිතේ එකම බලාපොරොත්තුව වුනේ ලන්ඩන් වලට ගිහින් හොඳ ‍රැකියාවක් එකක් සොයාගැනීමයි. ඉතින් එයාගේ ඒ බලාපොරොත්තුව ඉශ්ට වෙලා එයාට හොඳ රස්සාවක් ලන්ඩන් වලින් හම්බවෙනවා. ඒත් ගෞතම් ගත කරන්නේ ඉතා සැහැල්ලු ජීවිතයක්.මේ අතරේ අලුතින් කසාද බැඳපු මීරා ලන්ඩන් වලට එන්නේ ඇයගේ සැමියාව මුණ ගැහෙන්නයි. මීරාට ගුවන් තො‍ටුපලේදී ගෞතම්ව මුණ ගැහෙනවා.මේ පලමු මුණ ගැසීම මීරාට අමතක නොවන සිදුවීමක්. කොහොම හරි මීරා තමන්ගේ සැමියාව හොයාගෙන ගියාම එයාට තේරෙනවා එයාගේ සැමියා එයාව කසාද බැන්දේ ලැබෙන දෑවැද්දෙන් ලන්ඩන් වලට එන්නයි කියලා. මේක දැන ගත්තා මීරා ඉන්න තැනක් නැතිව ඉබාගාතේ යද්දි අහම්බෙන් වගේ වෙරෝනිකාව හම්බ වෙනවා. වෙරෝනිකා කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගතකරන නවීන පන්න්යේ තරුණියක්. වෙරෝනිකාට මීරාගේ කතාව අහලා දුක හිතිලා මීරාට කියනවා එයත් එක්ක නවතින්න එන්න කියලා. මේකෙන් පස්සේ මීරා හා වෙරෝනිකා හොඳම යහළුවන් වෙනවා. මේ අතරේ ගෞතම්ට වෙරෝනිකාවයි මීරාවයි ආයෙමත් මුණ ගැහෙනවා. තවත් සිදුවීම් ගොඩකට පස්සේ මේ තුන්දෙනාම එක ගෙදරක ජීවත් වෙන්වා. ඔවුන් තුන්දෙනාම සතුටින් හිටියත් ගෞතම්ගේ අම්මා ඔහුව බලන්න ලන්ඩන් වලට ආවට පස්සේ ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවා. කතාවේ ඉතිරි ටික දැන ගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.

චිත්‍රපටියේ ජනප්‍රිය ගීත කිහිපයක්