Sunday, March 25, 2012

Housefull 2 : නරකම 12 දෙනා



















හවුස් ෆුල් 2 : නරකම 12 දෙනා කියන්නේ අප්‍රේල් 5 වනදා තිරගත වීමට නියමිත  හින්දි කොමඩි චිත්‍රපටියකි. මෙය 2010 දී තිරගත වූ හවුස් ෆුල් චිත්‍රපටියේ දෙවන කොටස වූවත් මෙහි කතාව හා චරිත පලමු චිත්‍රපටියට වඩා සම්පූර්නයෙන් වෙනස්ය. පලමු චිත්‍රපටියේ සිටි අක්ශේ කුමාර් , රිතේෂ් දේශ්මුක්  හා බොමන් ඉරානි ට අමතරව , අලුතින් අසින් , ජොන් එබ්‍රහම් , ශ්‍රි ලාංකික නිලි ජැකලින් ෆර්නැන්ඩස් , සරීන් ඛාන් , ශෙනාස් පද්මශ්‍රී, ශ්‍රෙයාස් තාල්පාඩේ රංගනයෙන් දායක වෙයි. තවද අතීත සිනෙමා දැවැන්තයන් වූ මිතුන් චක්‍රබොර්ති , රිශි කපූර් හා රන්දීර් කපූර් ද මෙහි රඟපාති. මෙහි විශේෂත්වය වන්නේ මල්ලිකා අරොරා ඛාන් ගේ නර්තනයක් ඇතුලත් වීමයි. ඒ ඇය අතිශය ජනප්‍රිය වූ දබන්ග් චිත්‍රපටියේ මුන්නි බද්නාම් ගීතයට පසුව එක්වෙන පලමු පෙනීසිටීම මෙය වේ. මෙහි අධ්‍යක්ශනය සජිත් ඛාන්. නිශ්පාදනය සජිත් නදියද්වාලා.

මෙහි කතාව අතිශය විනෝදජනක වෙයි. මෙය පියවරුන් හතර දෙනකු ගේත් , කසාද බඳින වයසේ සිටින දූ වරු හතර දෙනකු ගේත් , එම දූ වරු බඳින්න සිටින බෑනාවරු හතර දෙනකු ගේත් කතාවකි. හැම පියෙක්ටම ඕනේ තමන්ගේ දුව පෝසත්ම බෑනාට බන්දන්න. හැම දුවෙක්ටම ඕනේ  පෝසත්ම කෙනාව බඳින්න. හැම බෑනා කෙනෙක්ටම ඕනේ තමන් පෝසත්ම බෑනා බව පෙන්නන්න. මෙහි හැම චරිතයක්ම ඉතාම හාස්‍යජනක වෙයි. ඒ වගේම බෑනා වරු හතර දෙනාටම තියන්නේ එකම නම. මේ නිසා ඇතිවන සිද්ධි වටා මෙහි කතාව ගෙතී ඇත.
මෙහි ඇතුලත් ගීත අතුරින් එක ගීතයක් ප්‍රකට ගීතයක් වෙන පප්පා ඇමරිකානෝ ඇසුරින් නිර්මානය කර ඇත.

එම ගීතය පහලින් බලන්න.

මල්ලිකා අරොරා ඛාන් ගේ නර්තනය ඇතුලත් අනර්කලී ගීතය පහලින් බලන්න



 මෙහි Trailer එක පහලින් බලන්න. ඔබත් හිනාවෙන්න කැමතිනම් මෙම චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලන්න.

 

Tuesday, March 13, 2012

Kahaani (2012)



















Kahaani ඒ කියන්නේ කතාව පසුගිය මාර්තු 9 වනදා ලෝපුරා තිරගත වීම ආරම්ඹ වුනු බොලිවුඩ් චිත්‍රපටියකි. මෙය ත්‍රාසයජනක වෘතාන්තයක් වන අතර මෙහි ප්‍රදාන චරිතය ලෙස විද්‍යා බාලන් රංගනයෙන් එක් වෙයි. එහිදී ඇය තමන්ගේ අතුරුදහන් වූ සැමියාව සොයා ලන්ඩන් සිට කොල්කටාවට එන ගැබිනි කාන්තාවක් ලෙස රඟ පායි.

ලෝ පුරා තිරගත වීමට සමගාමිව ලංකාවේද මෙය තිරගත වන්නේ මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදීය. සුජොයි ගෝෂ් විසින් අධ්‍යක්ශනය හා සම නිශ්පාදනය කල මෙය විද්‍යා බාලන් රඟන පස් වෙන කාන්තා මුලික චිත්‍රපටියයි. ඒ පා, ඉශ්කියා , නෝ වන් කිල්ඩ් ජෙසිකා හා ද ඩර්ටි පික්චර් ට පසුවයි.

විද්‍යා බාග්චි , කියන්නේ ලස්සන , බුද්ධිමත් , නවීන පන්නයේ සත් මස් ගැබිනි කාන්තාවකි. ඇය සංවේදි තත්වයක සිටියද ඇය ලන්ඩනයේ සිට කොල්කටාවට ආවේ ඇගේ අතුරුදහන් වූ සැමියා සොයා ගන්නයි.
අර්නාබ් බාග්චි , ඇගේ සැමියා , විද්‍යාට අනුව ඇයට ජීවිත් වීමේ එකම අරමුණ වේ. ඔහු කොල්කටාවට ආවේ මෘදුකාංග පිලිබඳ ව්‍යාපෘතියක් සඳහාය. ඒ කොල්කටාවේ පිහිටි ජාතික දත්ත මධ්‍යස්ථානයටයි.

 ඔහුගේ පැමිනීමෙන් සති දෙකකට පසු ඔහු හා විද්‍යා අතර සබඳතා ඇණ හිට තිබෙනවා. මින් කැළඹීමට පත් විද්‍යා ලන්ඩනයේ සිට කොල්කටාවට ආ විගසම යන්නේ පොලිස් ස්ථානයටයි. එහි ඇය තම සැමියාගේ අතුරුදහන් වීම ගැන පැමිනිලි කරයි. පසුව ඇය රානා කියන පොලිස් නිලධාරියා සමඟ ඇයගේ සැමියා නතර වී සිටි හෝටලය සොයා යයි. නමුත් එහි ගිය පසු ඇයට හා රානාට දක්නට ලැබෙන්නේ ඉතා අඩු පහසුකම් ඇති නවාතැන් පලකි. ඇය එහි කලමණාකරුගෙන් ඇගේ සැමියා ගැන විමසූ විට ඔහු තරයේ පවසන්නේ එහෙම කෙනෙක් මෙහි නැවතී නොසිටි බවයි.

 පසුදා ඇය  ජාතික දත්ත මධ්‍යස්ථානයට ගිය විට එහි නිලධාරිනියක් වන ඇග්නස් අර්නාබ් නැමති පුද්ගලයෙක් එහි පැමිණ නැති බව පවසයි. තවදා රානා ද ගුවන් තො‍ටුපලහි දත්ත පිරික්සා බැලූ විට අර්නාබ් බාග්චි කියා කෙනෙක් ලන්ඩනයෙන් පිටවී හෝ කොල්කටාවට පැමින හෝ නැති බවයි.

එසේ නම් විද්‍යා ගේ සැමියා කොහේද? ඔහුට කුමක් වී ඇතිද? විද්‍යාට කොල්කටාවේ දුර්ගා පුජා උත්සව මධ්‍යයේ ඔහුව සොයා ගැනීමට හැකිවේවිද? නැතිනම් අර්නාබ් බාග්චි යනු විද්‍යාගේ මනසේ සිටින කෙනෙක්ද?

මේ සියල්ලට පිලිතුරු චිත්‍රපටිය නරඹාම පිලිතුරු සොයා ගන්න.

Trailer එක මෙතනින් බලන්න.

චිත්‍රපටිය නැරඹීමට Ticket මෙතනින් book කරන්න.
http://www.ticketslk.com/  

Sunday, March 11, 2012

Agneepath (2012)























1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය  මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ ජනප්‍රිය නළු රිතික් රෝෂන් ය.

මෙය ප්‍රතිනිර්මාණයක් යැයි කීවද එදා චිත්‍රපටිය හා මෙදා චිත්‍රපටිය අතර විශාල වෙනසක් තිබේ.
ප්‍රධාන කතා වස්තුව , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා එකම වුවද , ප්‍රධාන කතා වස්තුවේ පසුබිමත් , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා ගේ ප්‍රතිරූපය සහමුලින්ම වෙනස්ය.මෙහි අලුතින්ම එකතුවූ චරිත වන්නේ කාලි (ප්‍රියංකා චොප්‍රා) හා රවුෆ් ලාලා (රිශි කපූර්) රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය කරන් මල්හෝත්‍රාගෙ කුළිඳුල් අධ්‍යක්ෂනයයි. මෙහි නිෂ්පාදක කරන් ජොහාර් විසින් නිෂ්පාදනය කල පලමු ක්‍රියාදාම චිත්‍රපටියයි.

මෙම චිත්‍රපටිය ඉන්දියාවෙදී පමනක් ඉන්දීය රුපියල් කෝටි 120 කට වඩා වැඩි ආදයමක් ඉපෙයුවාය.
මෙහි කතාව කෙටියන්ම කියනවානම් ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන්ගේ (රිතික් රෝෂන්) පියාව ඔහු කුඩා කලදී කන්චා (සන්ජේ දත්) නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දැවැන්ත මිනිසාගෙන් පලිගැනීමට යන කතාවයි.

මෙහි ගීත නිර්මාණය කර ඇත්තේ අජේ-අතුල් විසිනි.මෙම චිත්‍රපටියේ විශේෂම ගීතය වන්නේ අතිශය ජනප්‍රිය වූ "චිකිනි චමෙලි" කියන ගීතයයි. එම ගීතයට නර්ථනයෙන් ජනප්‍රිය නිලි කැට්‍රිනා කයිෆ් දායක වෙයි.
මෙය ඔබ විසින් නැරඹිය යුතුම චිත්‍රපටියකි.

චිකිනි චමෙලි ගීතය මෙතනින් බලන්න.




චිත්‍රපටිය බා ගැනීමට
http://1337x.org/torrent/295878/AGNEEPATH-2012-Hindi-PDVDRip-x264-AC3-uploaded-by-DON-RAJ/

චිත්‍රපටිය නරඹා ඔබේ අදහස් පලකරන්න.

Don2 (2011)























2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. ඩොන් චිත්‍රපටිය නරඹපු හැමෝම මෙහි චරිත අඳුරනවා ඇතිනේ.

ඩොන්2 චිත්‍රපටියට අලුතෙන්ම එකතු වූ නළු නිලියන් වන්නේ ලාරා දත්තා , කුනාල් කපූර් හා තවත් ඉන්දීය හා ජර්මානු රංගන ශිල්පීන්ය. මෙයද ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ශනයකි. නිෂ්පාදනය එක්සෙල් එන්ටටෙන්මන්ට් විසිනි.

මෙම චිත්‍රපටියේ මූලිකවම පෙන්වන්නේ ඩොන් ගේ ආධිපත්‍ය ආසියාවේ සිට යුරෝපයට පැතිරීම හා ඩොන් සමඟ රෝමා (දැන් ඇය පොලිස් නිලධාරිනියක්) ගේ ආදර කතාවයි.

මෙම චිත්‍රපටිය ලංකාවෙද තිරගතවූ අතර 2D හා 3D යන මාධ්‍ය දෙකෙන්ම ප්‍රදර්ශන කල ප්‍රථම චිත්‍රපටිය වෙයි.
මෙහි මූලික රූගත කිරීම් සිදු කර ඇත්තේ ජර්මනිය හා මැලේසියාව යන රටවල් වලය. මෙහි ගීත කලින් ඩොන් චිත්‍රපටියේ තරම් ජනප්‍රිය නොවුනද එම ගීත සියල්ලම චිත්‍රපටිය හා ගලා යන ලෙස නිර්මාණය කර ඇත.

මෙහි තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මෙහි ජනප්‍රිය නළු රිතික් රෝෂන් ගේ ද අපූරු ආරාධිත රංගනයක් ඇතුලත් වීමයි. මේ චිත්‍රපටිය සඳහා හොඳම නළුවා , හොඳම සටන් ජවනිකා , ජනප්‍රියම නළු-නිලි යුගලය ඇතුලු සම්මාන ‍රැසක් හිමිවිය.

ඩොන්2 ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියකි.

චිත්‍රපටිය බා ගැනීමට http://1337x.org/torrent/281619/Don-2-DVDScr-XviD-1CDRip-DDR/
චිත්‍රපටිය නැරඹීමට http://www.youtube.com/watch?v=eYgzf39-n9w

Zindagi Naa Milengi Dobara (2011)





















මේ චිත්‍රපටියේ නමේ තෙරුම ජීවිතය දෙපාරක් ලැබෙන්නෙ නෑ කියන එකයි . මේක ඇත්තද ? ආගම් හෝ දර්ශණ අනුව බලන කොට නම් එක ඇත්ත නෙමේ. එත් මේ චිත්‍රපටියෙන් කියන්නෙ ජීවිතයේ අපට ලැබෙන සමහර අවස්ථාවන් මගහරින්න එපා කියලා. එම අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. ජීවිතය ජීවත් වෙන හැටි මෙන්ම ජීවිතය විඳින්න කියල දෙන ලස්සන චිත්‍රපටියකි .

 2011 වසරෙ මම නැරඹූ හොඳම චිත්‍රපටිය තමයි මේ Zindagi Naa Milengi Dobara සිනමා පටය . ‍ෆිල්ම්ෆෙයාර් ඇතුලු සම්මන උලෙලවල් ‍රැසකදීම මෙම චිත්‍රපටිය සම්මාන ‍රැසක් හිමි කර ගත්තා . මෙම චිත්‍රපටියෙ කතාව කෙටියන් කියනවානම් අර්ජුන් , කබීර් , ඉම්රාන් යන මිතුරන් තිදෙනා Spain වලට යන චාරිකාවදි හමුවන පුද්ගලයන් , ලැබෙන අත්දැකීම් හා ඔවුනොවුන් අතර ඇතිවන මත ගැ‍ටුම් අනුව ඔවුන්ගෙ ජීවිතවල වෙනසක් ඇතිවේ. මෙහි වැඩි කොටසක් රූගත කර ඇත්තේ Spain වල වන අතර මෙම චිත්‍රපටියෙ පසුතල දර්ශන නෙත් ඇද ගන්නාසුලු වේ. මට පුද්ගලිකවම මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව Spain හා Spanish භාශාව ගැන විශාල උනන්දුවක් ඇති වුනා .

 මෙහි අධ්‍යක්ශනය Zoya Akthar (Farhan Aktar ගෙ වැඩිමහල් සොහොයුරිය) විසින් කල අතර නිශ්පාදනය Excel Entertainment විසින් සිදු කරන ලදි. මෙහි අර්ජුන් , කබීර් හා ඉම්රාන් ලෙස Hrithik Roshan , Abhay Deol, Farhan Akhtar රංග දක්වයි. මීට අමතරව Katrina Kaif, Kalki Koechlin, Ariadna Cabrol, Naseeruddin Shah යන නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා . මේ චිත්‍රපටිය අනෙක් බොලිවූඩ් චිත්‍රපටි වලට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටියක්.

ඔබත් නරඹා ඔබෙ අදහස් මෙහි පලකරන්න .

 චිත්‍රපටියේ ටොරන්ට් එක මෙතනින් බා ගන්න.

 http://1337x.org/torrent/222732/Zindagi-Na-Milegi-Dobara-Hindi-2011-PDVD-Rip-Xvid-mastitorrents/