Wednesday, August 8, 2012

English Vinglish (2012)

මුදල්, බලය හා ඉංග්‍රීසි දැනුම සමාජයේ ඕන කෙනක්ව මනින්න සලකන ප්‍රධාන සාධක තුනයි. ඉංග්ලිශ් වින්ග්ලිශ් කියන්නේ පිට දේශයකට ගිහින් ඉංග්‍රීසි නොදැනීම නිසා තමන්ගේම පවුලේ අයගෙනුයි, සමාජයෙනුයි කොන් වෙන කාන්තාවක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටිය ශශිගේ ප්‍රීතිමත් එනමුත් අනුකම්පාව දනවන ගමන් මගේ කතාවයි. ශශීගේ මේ ගමනේදී ඇයට ලැබෙන අත්දැකීම් වලින් අධිශ්ටානශීලීව ජීවිතේට මුහුණ දෙන හැටි, ඇය ඉංග්‍රීසි දැනුම ලබන හැටි, එයින් ධෛර්යවන්ත කාන්තාවක් වෙන හැටි මේ චිත්‍රපටියෙන් දිග හරිනවා. සමාජයට වැදගත් පණිවිඩයක් ගෙන එන මේ චිත්‍රපටිය ඔක්තෝබර් 5වනදා ලෝ පුරා නිකුත් වීමට නියමිත අලුත් බොලිවුඩ් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ වැඩි කොටසක් ඇමරිකාවේ නිව් යෝක් නුවර රූ ගත කර ඇත. මේ චිත්‍රපටියෙන් ලෝකයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ඉංග්‍රීසි නොදැනීම නැමති දුශ්කරතාවය නිරූපනය කරනවා. විනෝදජනක එනමුත් සංවේදී මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය 80 දශකයේ අතිශය ජනප්‍රිය නිලියක් වූ ශීදේවි විසින් නිරූපනය කරනවා. මේ ඇගේ නැවත ආගමනය සටහන් කරන හැමෝම නිකුත් වන තෙක් නොඉවසිල්ලෙන් ඉන්න චිත්‍රපටියක්. මෙහි ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්ද ආරාධිත රංගනයේ යෙදෙනවා. මෙම චිත්‍රපටිය, ශ්‍රී දේවිගේ සමකාලීන නිලියන් වූ මධුරි ඩික්සිත් හා කරිශ්මා කපූර් නැවත සිනමාවට ආගමනය වූ චිත්‍රපටි මෙන් අසාර්ථක නොවෙනු ඇති බව විචාරකයන් අදහස් කරනවා. මන්ද මේ චිත්‍රපටියේ ඒ සියලු චිත්‍රපටි වලට වඩා වෙනස් වන නිසාය.

No comments:

Post a Comment