චිත්‍රපටියේ ජනප්‍රිය ගීත කිහිපයක්
Thursday, August 2, 2012
Cocktail (2012)
Cocktail කියලා කියන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වෙන්න නියමිත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ සයිෆ් අලී ඛාන්, දීපිකා පදුකෝන් හා නවක නිලි ඩයනා පෙන්ටි රංගනයෙන් දායක වෙනවා. මේ කතාව ගෞතම් (ඒ කියන්නේ සයිෆ් අලී ඛාන් ), වෙරෝනිකා (ඒ කියන්නෙ දීපිකා පදුකෝන් ) සහ මීරා (ඒ කියන්නේ ඩයනා පෙන්ටි) කියන චරිත තුන වටා ගෙතී තියෙනවා . ගෞතම්ගේ ජීවිතේ එකම බලාපොරොත්තුව වුනේ ලන්ඩන් වලට ගිහින් හොඳ රැකියාවක් එකක් සොයාගැනීමයි. ඉතින් එයාගේ ඒ බලාපොරොත්තුව ඉශ්ට වෙලා එයාට හොඳ රස්සාවක් ලන්ඩන් වලින් හම්බවෙනවා. ඒත් ගෞතම් ගත කරන්නේ ඉතා සැහැල්ලු ජීවිතයක්.මේ අතරේ අලුතින් කසාද බැඳපු මීරා ලන්ඩන් වලට එන්නේ ඇයගේ සැමියාව මුණ ගැහෙන්නයි. මීරාට ගුවන් තොටුපලේදී ගෞතම්ව මුණ ගැහෙනවා.මේ පලමු මුණ ගැසීම මීරාට අමතක නොවන සිදුවීමක්. කොහොම හරි මීරා තමන්ගේ සැමියාව හොයාගෙන ගියාම එයාට තේරෙනවා එයාගේ සැමියා එයාව කසාද බැන්දේ ලැබෙන දෑවැද්දෙන් ලන්ඩන් වලට එන්නයි කියලා. මේක දැන ගත්තා මීරා ඉන්න තැනක් නැතිව ඉබාගාතේ යද්දි අහම්බෙන් වගේ වෙරෝනිකාව හම්බ වෙනවා. වෙරෝනිකා කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගතකරන නවීන පන්න්යේ තරුණියක්. වෙරෝනිකාට මීරාගේ කතාව අහලා දුක හිතිලා මීරාට කියනවා එයත් එක්ක නවතින්න එන්න කියලා. මේකෙන් පස්සේ මීරා හා වෙරෝනිකා හොඳම යහළුවන් වෙනවා. මේ අතරේ ගෞතම්ට වෙරෝනිකාවයි මීරාවයි ආයෙමත් මුණ ගැහෙනවා. තවත් සිදුවීම් ගොඩකට පස්සේ මේ තුන්දෙනාම එක ගෙදරක ජීවත් වෙන්වා. ඔවුන් තුන්දෙනාම සතුටින් හිටියත් ගෞතම්ගේ අම්මා ඔහුව බලන්න ලන්ඩන් වලට ආවට පස්සේ ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවා. කතාවේ ඉතිරි ටික දැන ගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.
චිත්‍රපටියේ ජනප්‍රිය ගීත කිහිපයක්
චිත්‍රපටියේ ජනප්‍රිය ගීත කිහිපයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment