Wednesday, September 5, 2012

Aiyyaa (2012)

Aiyyaa යනු අනුරාග් කාශ්‍යප් විසින් නිශ්පාදනය කල ඔක්තෝබර් 12 වනදා නිකුත් වෙන නවතම චිත්‍රපටියකි.බොලිවුඩ් නිලි රාණි මුකර්ජී මිනාක්ශි නැමති මරාති තරුණියගේ චරිතයට පණ පොවයි. මෙම විකට චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක් වන අමෙලි හි ආභාශය ලද්දකි. මිනාක්ශි ඇගේ අමුතු වැඩ කරන පවුලේ අයත් එක්ක ගඳ ගහන කුණු ගොඩක් ලඟ තියෙන නිවසක වාසය කරනවා. ඇය ජීවත් වෙන්නේ ඇයගේ මවාගත්ත බොලිවුඩ් ලෝකයකයි. ඇයට සෞන්දර්‍ය විද්‍යාලයක රස්සාවක් හම්බ වෙනවා. එහෙදි ඇයට ඇය වගේ වැඩ කරන, ඇගේ හොඳම යෙහෙලියව හම්බ වෙනවා. ඉතින් මේ දෙන්නම එකතු වෙලා එයාලගේ සිහින කුමාරයාව හොයන්න ගන්නවා. ඒත් ඒක නතර වෙන්නේ මීනාක්ශිට ඇගේ සිහින කුමාරයාව සුවඳින් හොයාගන්න ලැබෙනවා. ඔහු සුර්යා (දමිල නළු ප්‍රීති විරාජ්) නැමති තරුණ දෙමල තරුණයෙක්. ඉතින් මීනාක්ශි ඔහුගේ අකමැත්තෙන් වුවත් පස්සෙන් යන එක නතර කරන්නේ නෑ. මේ අතරේ මීනාක්ශිගේ අමුතු පවුලේ අය ඇයට විවාහ යෝජනාවක් ගේනවා. ඒ මරාති චිත්‍රපටි විතරක් බලන, රෝස මල් වවන මරාති තරුණයෙක්වයි. හදිස්සියේම මිනාක්ශිගේ සිහින කුමාරයා අතුරුදහන් වෙනවා.මෙයින් ඇගේ හදවත පැළීයනවා.අන්තිමේදි ඇයට රෝස මල් වවන්නාව කසාද බඳින්න වේවිද? මෙහි අධ්‍යක්ශක සචින් කුන්ඩල්කාර් දක්ශ ලෙස තැනට සුදුසු විහිළු, ගීත හා නැ‍ටුම් වලින් චිත්‍රපටිය රසවිඳිය හැකි බවට පත් කර තිබෙනවා. Aiyyaa චිත්‍රපටිය නැරඹිය යුතුම චිත්‍රපටියකි.

Wednesday, August 8, 2012

English Vinglish (2012)

මුදල්, බලය හා ඉංග්‍රීසි දැනුම සමාජයේ ඕන කෙනක්ව මනින්න සලකන ප්‍රධාන සාධක තුනයි. ඉංග්ලිශ් වින්ග්ලිශ් කියන්නේ පිට දේශයකට ගිහින් ඉංග්‍රීසි නොදැනීම නිසා තමන්ගේම පවුලේ අයගෙනුයි, සමාජයෙනුයි කොන් වෙන කාන්තාවක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටිය ශශිගේ ප්‍රීතිමත් එනමුත් අනුකම්පාව දනවන ගමන් මගේ කතාවයි. ශශීගේ මේ ගමනේදී ඇයට ලැබෙන අත්දැකීම් වලින් අධිශ්ටානශීලීව ජීවිතේට මුහුණ දෙන හැටි, ඇය ඉංග්‍රීසි දැනුම ලබන හැටි, එයින් ධෛර්යවන්ත කාන්තාවක් වෙන හැටි මේ චිත්‍රපටියෙන් දිග හරිනවා. සමාජයට වැදගත් පණිවිඩයක් ගෙන එන මේ චිත්‍රපටිය ඔක්තෝබර් 5වනදා ලෝ පුරා නිකුත් වීමට නියමිත අලුත් බොලිවුඩ් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ වැඩි කොටසක් ඇමරිකාවේ නිව් යෝක් නුවර රූ ගත කර ඇත. මේ චිත්‍රපටියෙන් ලෝකයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ඉංග්‍රීසි නොදැනීම නැමති දුශ්කරතාවය නිරූපනය කරනවා. විනෝදජනක එනමුත් සංවේදී මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය 80 දශකයේ අතිශය ජනප්‍රිය නිලියක් වූ ශීදේවි විසින් නිරූපනය කරනවා. මේ ඇගේ නැවත ආගමනය සටහන් කරන හැමෝම නිකුත් වන තෙක් නොඉවසිල්ලෙන් ඉන්න චිත්‍රපටියක්. මෙහි ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්ද ආරාධිත රංගනයේ යෙදෙනවා. මෙම චිත්‍රපටිය, ශ්‍රී දේවිගේ සමකාලීන නිලියන් වූ මධුරි ඩික්සිත් හා කරිශ්මා කපූර් නැවත සිනමාවට ආගමනය වූ චිත්‍රපටි මෙන් අසාර්ථක නොවෙනු ඇති බව විචාරකයන් අදහස් කරනවා. මන්ද මේ චිත්‍රපටියේ ඒ සියලු චිත්‍රපටි වලට වඩා වෙනස් වන නිසාය.

Friday, August 3, 2012

Student of the Year (2012)

Student of the Year ( වසරේ හොඳම ශිෂ්‍යයා) කියන්නේ නිකුත් වෙන්න තියෙන අලුත්ම චිත්‍රපටියකි. මෙය කරන් ජොහාර් ගේ අධ්‍යක්ෂනයක් වන අතර නිෂ්පාදනය හීරූ ජොහාර් හා ගෞරි ඛාන් ගෙනි. කරන් ජොහාර් මෙතෙක් අධ්‍යක්ශනය කල සෑම චිත්‍රපටියකම ෂාරුක් ඛාන් රංගනයේ යෙදුනු නමුත් මෙම චිත්‍රපටියෙන් ඔහු නවක නළු නිලියන් රංගනයේ යොදවා තිබීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා බට් හා වරුන් ධවන් ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආලියා බට්, ජනප්‍රිය අධ්‍යක්ශක මහේශ් බට්ගේ දියණිය වන අතර වරුන් ධවන්, ජනප්‍රිය අධ්‍යක්ශක ඩේවිඩ් ධවන්ගේ පුත්‍රයාය. මෙම චිත්‍රපටිය මොවුන් තිදෙනාගේම කුළිඳුල් චිත්‍රපටියයි. මීට අමතරව බොලිවුඩ් නළු බොමන් ඉරානිගේ පුත් කයොස් ඉරානි, කරන් ජොහාර්ගේ පලමු චිත්‍රපටිය කුච් කුච් හෝතා හේ හි ෂාරුක් ඛාන් ගේ දියණිය අංජලී ලෙස රඟපෑ සානා සයීඩ්, ජනප්‍රිය නලු රිශි කපූර් හා රොනිත් රෝයි ඇතුලු නලු නිලි පිරිසක්ම රංගනයෙන් දායක වේ. තවද ජනප්‍රිය නිලි කාජල් ද මෙම චිත්‍රපටියේ ආරාධිත රංගනයේ යෙදේ. චිත්‍රපටියේ කතාව සෙන්ට් තෙරේසා විද්‍යාලයේ ඉගෙන ගන්නා අබිමන්යු, ශනායා හා රෝහන් වටා ගෙතී තිබෙනවා. මෙම විද්‍යාලයේ පවත්වන වසරේ හොඳම ශිෂ්‍යයා කුසලානය ජයගැනීමට වරක් හොඳම යහළුවන්ව සිටි අබිමන්යු හා රෝහන් තමන්ගේ මිත්‍රත්වය හා ආදරය පරදුවට තබමින් තරඟ වදිනවා. ඒත් මේ කුසලානය කවුරු ජය ගනීද? ශනායාගේ ආදරය කාට හිමි වේවිද? මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ඔක්තෝබර් 19 වනදා ලෝපුරා තිර ගතවන Student of the year චිත්‍රපටිය නරඹාම සොයාගන්න.

Trailer එක මෙතනින් බලන්න

Thursday, August 2, 2012

Barfi (2012)

Barfi! කියන්නේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත හින්දි චිත්‍රපටියකි. මෙහි අධ්‍යක්ෂනය අනුරාග් බාසු ගෙනි. රන්බීර් කපූර්, ප්‍රියංකා චොප්රා හා ඉලියානා ඩි කෲස් රංගනයෙන් දායක වේ. මෙහි කතාව මර්ෆි (රන්බීර් කපූර්) කියන ගොළු බිහිරි තරුණයෙක්ගේ ජීවිතය වටා ගෙතී ඇත. මර්ෆිට ඔහු ජීවත්වෙන ප්‍රදේශයේ අය කතා කරන්නේ බර්ෆි කියලාය. ඔහු ගොළු වුවත් බිහිරි වුවත් සැමවිටම සතුටින් ඉන්න උත්සහ කරන තරුණයෙකි. ඔහු ඒ ප්‍රදේශයේ තරුණියන් අතර මේ නිසා ප්‍රසිද්ධයි. මේ ඔහුගේත් ඔහුගේ ජීවිතයට එන තරුණියන් දෙදෙනෙකුගේත් අතර ඇතිවන මිහිරි-අමිහිරි සම්බන්ධතාව ගැන කතාවයි. ඒ තරුණියන් වන්නේ ශෘතී (ඉලියානා ඩි කෲස්) හා ජිල්මිල් (ප්‍රියංකා චොප්රා). මෙහි ජිල්මිල් ඔටිසම් රෝගයෙන් පෙලෙන තරුණියකි. බර්ෆිගේ ජීවිතය වෙනස් කරන සිදුවීම් ගණනාවක් සමඟ හද සනසන පරාර්ථකාමි ආදරය ගැන කියාදෙන අපූරු චිත්‍රපටියක් වන මෙය සැප්තැම්බර් 14 වනදා නිකුත් වීමට නියමිතයි. මෙම චිත්‍රපටියෙන් රන්බීර් කපූර් හා ප්‍රියංකා චොප්රා ගේ විශිෂ්ට රංගනයක් බලාපොරොත්තු විය හැකි බව විචාරක මතයයි.තවද මෙතෙක් දමිල හා තෙළිඟු චිත්‍රපටිවල රංගනයේ යෙදුන ඉලියානා ඩි කෲස් හින්දි සිනමාවට මේ චිත්‍රපටිය තුලින් පා තබයි. මෙහි දෙබස් ප්‍රමාණය ස්වල්පයක් වුවද සැවොම නැරඹිය යුතු චිත්‍රපටියක් බව මගේ අදහසයි.

Trailer එක මෙතනින් බලන්න

Heroine (2012) (18+)

Heroine කියන්නේ කරීනා කපූර් ප්‍රධාන චරිතයට පණ පොවන චිත්‍රපටියකි. මෙය කාන්තා ප්‍රධාන චරිතයක් තිබෙන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ශනය කර ඇත්තේ ඉන්දියානු ජාතික සම්මාන ලාබී චිත්‍රපටි ‍රැසක් මෙහෙයවූ මධුර් බන්ඩාකර්. මෙහි කතාව කලක් අති සාර්ථක හා ජනප්‍රිය නිලියක්ව සිටි මාහී අරෝරාගේ වෘත්තීය ජීවිතේ හා පෞද්ගලික ජීවිතේ කඩා වැටීම වටා ගෙතී ඇත. මෙහි මාහී අරෝරාගේ චරිතය කරීනා විසින් නිරූපනව කරන අතර චිත්‍රපටියේ ඇය සමඟ අර්ජුන් රාම්පාල්, රන්දීප් හුඩා වැනි නළුවන්ද රංගනයෙන් එක් වෙනවා.මෙම චිත්‍රපටිය කරීනාගේ හොඳම රංගනය වනු ඇතැයි විචාරකයන් මත පල කරයි. මෙම චිත්‍රපටිය සත්‍ය කතා කිහිපයක් ඇසුරින් නිර්මාණය කර ඇතිබව මාධ්‍ය වාර්තා කරනවා. තවද මෙම චිත්‍රපටියේ කරීනා වෙනුවට මුලින් රංගනය යෙදීමට සිටියේ අයිශ්වර්යා රායි වන අතර අයිශ්වර්යා පසුව චිත්‍රපටියෙන් ඉවත් වූයේ ඈ මවක් වීමට යන බව දැනගත් නිසාය. මෙම චිත්‍රපටිය සැප්තැම්බර් 21 වනදා සිට ලෝපුරා තිර ගත වීමට නියමිතයි.

Trailer එක මෙතනින් බලන්න 

Ek Tha Tiger (2012)

Ek Tha Tiger සුපිරි නළු සල්මාන් ඛාන් ගේ මේ වසරේ නිකුත් වෙන පලමු චිත්‍රපටියයි. මෙහි ප්‍රධාන නිලිය වන්නේ කට්‍රිනා කයිෆ්. ඇයගේ හා සල්මාන් ඛාන් ගේ සැබෑ ජීවිතේ ආදර කතාවට තිත තැබීමෙන් පසු රිදී තිරයේ පළමුවරට දක්නට ලැබෙන චිත්‍රපටිය මෙයයි. මෙය සල්මාන් ඛාන් යශ් රාජ් චිත්‍රපටියක රංගනය දක්වන පලමු වතාව වීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටියේ කතාව ටයිගර් කියන නමින් හඳුන්වන රහස් ඒජන්තවරයෙක් වටා ගෙතුනු කතාවකි.ඉන්දීය රහස් ඔත්තු සේවය ,පාකිස්තානයට රහස් සපයනවා කියා එක්තරා විද්‍යාඥයෙක්ව සැක කරනවා. මේ ගැන සොයාබලන්න ඔවුන් ටයිගර් කියන අනවර්ත නාමයෙන් හඳුන්වන රහස් ඒජන්තවරයාව ඒ කියන්නේ සල්මාන් ඛාන්ව යවනු ලබනවා. ඒත් ටයිගර් එම විද්‍යාඥයාව බලාගන්න සෝයා ඒ කියන්නේ කට්‍රිනා කයිෆ් ට ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් මෙය ටයිගර් ගේ සැබෑ මෙහෙයුමට බාධාවකි. ඔවුන් මේ නිසා අභියෝග ‍රැසකට මුහුණ පානවා. රටවල් කිහිපයක දිවෙන මෙම මෙහෙයුමේ අවසානය කුමක් වේවිද? උත්තරය අගෝස්තු 15 වනදා නිකුත් වන චිත්‍රපටිය නරඹා සොයාගන්න. 

Trailer එක



නිකුත් වී ඇති ගීත කිහිපයක්



Cocktail (2012)

Cocktail කියලා කියන්නේ බොලිවුඩ් වල අලුතින්ම නිකුත් වෙන්න නියමිත චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ සයිෆ් අලී ඛාන්, දීපිකා පදුකෝන් හා නවක නිලි ඩයනා පෙන්ටි රංගනයෙන් දායක වෙනවා. මේ කතාව ගෞතම් (ඒ කියන්නේ සයිෆ් අලී ඛාන් ), වෙරෝනිකා (ඒ කියන්නෙ දීපිකා පදුකෝන් ) සහ මීරා (ඒ කියන්නේ ඩයනා පෙන්ටි) කියන චරිත තුන වටා ගෙතී තියෙනවා . ගෞතම්ගේ ජීවිතේ එකම බලාපොරොත්තුව වුනේ ලන්ඩන් වලට ගිහින් හොඳ ‍රැකියාවක් එකක් සොයාගැනීමයි. ඉතින් එයාගේ ඒ බලාපොරොත්තුව ඉශ්ට වෙලා එයාට හොඳ රස්සාවක් ලන්ඩන් වලින් හම්බවෙනවා. ඒත් ගෞතම් ගත කරන්නේ ඉතා සැහැල්ලු ජීවිතයක්.මේ අතරේ අලුතින් කසාද බැඳපු මීරා ලන්ඩන් වලට එන්නේ ඇයගේ සැමියාව මුණ ගැහෙන්නයි. මීරාට ගුවන් තො‍ටුපලේදී ගෞතම්ව මුණ ගැහෙනවා.මේ පලමු මුණ ගැසීම මීරාට අමතක නොවන සිදුවීමක්. කොහොම හරි මීරා තමන්ගේ සැමියාව හොයාගෙන ගියාම එයාට තේරෙනවා එයාගේ සැමියා එයාව කසාද බැන්දේ ලැබෙන දෑවැද්දෙන් ලන්ඩන් වලට එන්නයි කියලා. මේක දැන ගත්තා මීරා ඉන්න තැනක් නැතිව ඉබාගාතේ යද්දි අහම්බෙන් වගේ වෙරෝනිකාව හම්බ වෙනවා. වෙරෝනිකා කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගතකරන නවීන පන්න්යේ තරුණියක්. වෙරෝනිකාට මීරාගේ කතාව අහලා දුක හිතිලා මීරාට කියනවා එයත් එක්ක නවතින්න එන්න කියලා. මේකෙන් පස්සේ මීරා හා වෙරෝනිකා හොඳම යහළුවන් වෙනවා. මේ අතරේ ගෞතම්ට වෙරෝනිකාවයි මීරාවයි ආයෙමත් මුණ ගැහෙනවා. තවත් සිදුවීම් ගොඩකට පස්සේ මේ තුන්දෙනාම එක ගෙදරක ජීවත් වෙන්වා. ඔවුන් තුන්දෙනාම සතුටින් හිටියත් ගෞතම්ගේ අම්මා ඔහුව බලන්න ලන්ඩන් වලට ආවට පස්සේ ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවා. කතාවේ ඉතිරි ටික දැන ගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.

චිත්‍රපටියේ ජනප්‍රිය ගීත කිහිපයක්





Friday, May 18, 2012

Ishaqzaade (2012)

















Ishaqzaade (ඉශක්සාදේ )කියන්නේ යශ් රාජ් ‍ෆිල්ම්ස් ඉදිරිපත් කල පසුගිය 11 වනදා තිරගත වූ හින්දි චිත්‍රපටියකි. මෙය ඉන්දියාවේ කුඩා නගරක් මූලික කරගෙන නිර්මාණය කල ආදර කතාවකි. මෙහි රංගනයෙන් අර්ජුන් කපූර් හා පරිනීති චොප්‍රා දායක වේ. මෙය අර්ජුන් කපූර්ගේ කුළුඳුල් චිත්‍රපටියයි. අර්ජුන් කපූර් කියන්නේ ජනප්‍රිය නලු අනිල් කපූර් ගේ ඥාති පුත්‍රයකි. ඒ වගේම ජනප්‍රිය නිලි සොනම් කපූර්ගේ ඥාති සහොදරයකි. පරිනීති චොප්‍රා කියන්නේ ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්‍රාගේ ඥාති සහෝදරිය වේ.
 මෙහි අධ්‍යක්ෂනය හබීබ් ෆයිසල් ගේය. හබීබ් ෆයිසල්ගේ දෙවන චිත්‍රපටිය මෙය වේ. ඔහුගේ පලමු චිත්‍රපටිය ඉන්දියානු National Award එකකින්ද පිදුම් ලැබුවේය.
මෙහි කතාව කෙටියෙන් කියනවානම් අල්මෝර් කියන ගමේ සිටින එකිනෙකාට විරුද්ධ ප්‍රාදේශීය දේශපාලන ප්‍රබලයන්ගේ පවුල් දෙකක ඉන්න පර්මා හා සෝයාගේ ආදර කතාවයි. ඔවුන් දෙදෙනාම මුලින් එකිනෙකාට වෛර කරනවා. ඒත් එය පසුව ආදරයක පෙරලෙනවා. නමුත් මේ ආදරයට ඔවුන් ගේ පවුල් වල ප්‍රතිචාර මොකක් වෙවිද? අවසානයේ ඔවුන් දෙදෙනාට කුමක් වේවිද? චිත්‍රපටිය බලලාම මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න.
මෙහි ඇතුලත් "පරෙශාන්" ගීතය ඉතා ජනප්‍රියට පත්වුනා. youtube හි මිලියනකට අධික views ප්‍රමානයක් මෙයට ලැබුනාය. එය මෙතනින් බලන්න.



Trailer එක බලන්න

Sunday, March 25, 2012

Housefull 2 : නරකම 12 දෙනා



















හවුස් ෆුල් 2 : නරකම 12 දෙනා කියන්නේ අප්‍රේල් 5 වනදා තිරගත වීමට නියමිත  හින්දි කොමඩි චිත්‍රපටියකි. මෙය 2010 දී තිරගත වූ හවුස් ෆුල් චිත්‍රපටියේ දෙවන කොටස වූවත් මෙහි කතාව හා චරිත පලමු චිත්‍රපටියට වඩා සම්පූර්නයෙන් වෙනස්ය. පලමු චිත්‍රපටියේ සිටි අක්ශේ කුමාර් , රිතේෂ් දේශ්මුක්  හා බොමන් ඉරානි ට අමතරව , අලුතින් අසින් , ජොන් එබ්‍රහම් , ශ්‍රි ලාංකික නිලි ජැකලින් ෆර්නැන්ඩස් , සරීන් ඛාන් , ශෙනාස් පද්මශ්‍රී, ශ්‍රෙයාස් තාල්පාඩේ රංගනයෙන් දායක වෙයි. තවද අතීත සිනෙමා දැවැන්තයන් වූ මිතුන් චක්‍රබොර්ති , රිශි කපූර් හා රන්දීර් කපූර් ද මෙහි රඟපාති. මෙහි විශේෂත්වය වන්නේ මල්ලිකා අරොරා ඛාන් ගේ නර්තනයක් ඇතුලත් වීමයි. ඒ ඇය අතිශය ජනප්‍රිය වූ දබන්ග් චිත්‍රපටියේ මුන්නි බද්නාම් ගීතයට පසුව එක්වෙන පලමු පෙනීසිටීම මෙය වේ. මෙහි අධ්‍යක්ශනය සජිත් ඛාන්. නිශ්පාදනය සජිත් නදියද්වාලා.

මෙහි කතාව අතිශය විනෝදජනක වෙයි. මෙය පියවරුන් හතර දෙනකු ගේත් , කසාද බඳින වයසේ සිටින දූ වරු හතර දෙනකු ගේත් , එම දූ වරු බඳින්න සිටින බෑනාවරු හතර දෙනකු ගේත් කතාවකි. හැම පියෙක්ටම ඕනේ තමන්ගේ දුව පෝසත්ම බෑනාට බන්දන්න. හැම දුවෙක්ටම ඕනේ  පෝසත්ම කෙනාව බඳින්න. හැම බෑනා කෙනෙක්ටම ඕනේ තමන් පෝසත්ම බෑනා බව පෙන්නන්න. මෙහි හැම චරිතයක්ම ඉතාම හාස්‍යජනක වෙයි. ඒ වගේම බෑනා වරු හතර දෙනාටම තියන්නේ එකම නම. මේ නිසා ඇතිවන සිද්ධි වටා මෙහි කතාව ගෙතී ඇත.
මෙහි ඇතුලත් ගීත අතුරින් එක ගීතයක් ප්‍රකට ගීතයක් වෙන පප්පා ඇමරිකානෝ ඇසුරින් නිර්මානය කර ඇත.

එම ගීතය පහලින් බලන්න.

මල්ලිකා අරොරා ඛාන් ගේ නර්තනය ඇතුලත් අනර්කලී ගීතය පහලින් බලන්න



 මෙහි Trailer එක පහලින් බලන්න. ඔබත් හිනාවෙන්න කැමතිනම් මෙම චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලන්න.

 

Tuesday, March 13, 2012

Kahaani (2012)



















Kahaani ඒ කියන්නේ කතාව පසුගිය මාර්තු 9 වනදා ලෝපුරා තිරගත වීම ආරම්ඹ වුනු බොලිවුඩ් චිත්‍රපටියකි. මෙය ත්‍රාසයජනක වෘතාන්තයක් වන අතර මෙහි ප්‍රදාන චරිතය ලෙස විද්‍යා බාලන් රංගනයෙන් එක් වෙයි. එහිදී ඇය තමන්ගේ අතුරුදහන් වූ සැමියාව සොයා ලන්ඩන් සිට කොල්කටාවට එන ගැබිනි කාන්තාවක් ලෙස රඟ පායි.

ලෝ පුරා තිරගත වීමට සමගාමිව ලංකාවේද මෙය තිරගත වන්නේ මැජෙස්ටික් සිනේප්ලෙක්ස් හි ප්ලටිනම් සිනමා හලේදීය. සුජොයි ගෝෂ් විසින් අධ්‍යක්ශනය හා සම නිශ්පාදනය කල මෙය විද්‍යා බාලන් රඟන පස් වෙන කාන්තා මුලික චිත්‍රපටියයි. ඒ පා, ඉශ්කියා , නෝ වන් කිල්ඩ් ජෙසිකා හා ද ඩර්ටි පික්චර් ට පසුවයි.

විද්‍යා බාග්චි , කියන්නේ ලස්සන , බුද්ධිමත් , නවීන පන්නයේ සත් මස් ගැබිනි කාන්තාවකි. ඇය සංවේදි තත්වයක සිටියද ඇය ලන්ඩනයේ සිට කොල්කටාවට ආවේ ඇගේ අතුරුදහන් වූ සැමියා සොයා ගන්නයි.
අර්නාබ් බාග්චි , ඇගේ සැමියා , විද්‍යාට අනුව ඇයට ජීවිත් වීමේ එකම අරමුණ වේ. ඔහු කොල්කටාවට ආවේ මෘදුකාංග පිලිබඳ ව්‍යාපෘතියක් සඳහාය. ඒ කොල්කටාවේ පිහිටි ජාතික දත්ත මධ්‍යස්ථානයටයි.

 ඔහුගේ පැමිනීමෙන් සති දෙකකට පසු ඔහු හා විද්‍යා අතර සබඳතා ඇණ හිට තිබෙනවා. මින් කැළඹීමට පත් විද්‍යා ලන්ඩනයේ සිට කොල්කටාවට ආ විගසම යන්නේ පොලිස් ස්ථානයටයි. එහි ඇය තම සැමියාගේ අතුරුදහන් වීම ගැන පැමිනිලි කරයි. පසුව ඇය රානා කියන පොලිස් නිලධාරියා සමඟ ඇයගේ සැමියා නතර වී සිටි හෝටලය සොයා යයි. නමුත් එහි ගිය පසු ඇයට හා රානාට දක්නට ලැබෙන්නේ ඉතා අඩු පහසුකම් ඇති නවාතැන් පලකි. ඇය එහි කලමණාකරුගෙන් ඇගේ සැමියා ගැන විමසූ විට ඔහු තරයේ පවසන්නේ එහෙම කෙනෙක් මෙහි නැවතී නොසිටි බවයි.

 පසුදා ඇය  ජාතික දත්ත මධ්‍යස්ථානයට ගිය විට එහි නිලධාරිනියක් වන ඇග්නස් අර්නාබ් නැමති පුද්ගලයෙක් එහි පැමිණ නැති බව පවසයි. තවදා රානා ද ගුවන් තො‍ටුපලහි දත්ත පිරික්සා බැලූ විට අර්නාබ් බාග්චි කියා කෙනෙක් ලන්ඩනයෙන් පිටවී හෝ කොල්කටාවට පැමින හෝ නැති බවයි.

එසේ නම් විද්‍යා ගේ සැමියා කොහේද? ඔහුට කුමක් වී ඇතිද? විද්‍යාට කොල්කටාවේ දුර්ගා පුජා උත්සව මධ්‍යයේ ඔහුව සොයා ගැනීමට හැකිවේවිද? නැතිනම් අර්නාබ් බාග්චි යනු විද්‍යාගේ මනසේ සිටින කෙනෙක්ද?

මේ සියල්ලට පිලිතුරු චිත්‍රපටිය නරඹාම පිලිතුරු සොයා ගන්න.

Trailer එක මෙතනින් බලන්න.

චිත්‍රපටිය නැරඹීමට Ticket මෙතනින් book කරන්න.
http://www.ticketslk.com/  

Sunday, March 11, 2012

Agneepath (2012)























1990 වසරේ තිරගත වූ බොලිවුඩයේ දැවැන්තම නළුවා ලෙස සැළකෙන අමිතාබ් බච්චන් රඟපෑ අග්නීපත් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණය  මෙම වසරේ ජනවාරි මස 26 වනදා සිට ලෝ පුරා තිරගත විය.එදා අමිතාබ් බච්චන් පණපෙවූ ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන් ට මෙදා පණපොවන්නේ ජනප්‍රිය නළු රිතික් රෝෂන් ය.

මෙය ප්‍රතිනිර්මාණයක් යැයි කීවද එදා චිත්‍රපටිය හා මෙදා චිත්‍රපටිය අතර විශාල වෙනසක් තිබේ.
ප්‍රධාන කතා වස්තුව , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා එකම වුවද , ප්‍රධාන කතා වස්තුවේ පසුබිමත් , ප්‍රධාන චරිතය හා ප්‍රධාන සතුරා ගේ ප්‍රතිරූපය සහමුලින්ම වෙනස්ය.මෙහි අලුතින්ම එකතුවූ චරිත වන්නේ කාලි (ප්‍රියංකා චොප්‍රා) හා රවුෆ් ලාලා (රිශි කපූර්) රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටිය කරන් මල්හෝත්‍රාගෙ කුළිඳුල් අධ්‍යක්ෂනයයි. මෙහි නිෂ්පාදක කරන් ජොහාර් විසින් නිෂ්පාදනය කල පලමු ක්‍රියාදාම චිත්‍රපටියයි.

මෙම චිත්‍රපටිය ඉන්දියාවෙදී පමනක් ඉන්දීය රුපියල් කෝටි 120 කට වඩා වැඩි ආදයමක් ඉපෙයුවාය.
මෙහි කතාව කෙටියන්ම කියනවානම් ප්‍රධාන චරිතය වන විජේ දීනානාත් චවුහාන්ගේ (රිතික් රෝෂන්) පියාව ඔහු කුඩා කලදී කන්චා (සන්ජේ දත්) නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දැවැන්ත මිනිසාගෙන් පලිගැනීමට යන කතාවයි.

මෙහි ගීත නිර්මාණය කර ඇත්තේ අජේ-අතුල් විසිනි.මෙම චිත්‍රපටියේ විශේෂම ගීතය වන්නේ අතිශය ජනප්‍රිය වූ "චිකිනි චමෙලි" කියන ගීතයයි. එම ගීතයට නර්ථනයෙන් ජනප්‍රිය නිලි කැට්‍රිනා කයිෆ් දායක වෙයි.
මෙය ඔබ විසින් නැරඹිය යුතුම චිත්‍රපටියකි.

චිකිනි චමෙලි ගීතය මෙතනින් බලන්න.




චිත්‍රපටිය බා ගැනීමට
http://1337x.org/torrent/295878/AGNEEPATH-2012-Hindi-PDVDRip-x264-AC3-uploaded-by-DON-RAJ/

චිත්‍රපටිය නරඹා ඔබේ අදහස් පලකරන්න.

Don2 (2011)























2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. ඩොන් චිත්‍රපටිය නරඹපු හැමෝම මෙහි චරිත අඳුරනවා ඇතිනේ.

ඩොන්2 චිත්‍රපටියට අලුතෙන්ම එකතු වූ නළු නිලියන් වන්නේ ලාරා දත්තා , කුනාල් කපූර් හා තවත් ඉන්දීය හා ජර්මානු රංගන ශිල්පීන්ය. මෙයද ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ශනයකි. නිෂ්පාදනය එක්සෙල් එන්ටටෙන්මන්ට් විසිනි.

මෙම චිත්‍රපටියේ මූලිකවම පෙන්වන්නේ ඩොන් ගේ ආධිපත්‍ය ආසියාවේ සිට යුරෝපයට පැතිරීම හා ඩොන් සමඟ රෝමා (දැන් ඇය පොලිස් නිලධාරිනියක්) ගේ ආදර කතාවයි.

මෙම චිත්‍රපටිය ලංකාවෙද තිරගතවූ අතර 2D හා 3D යන මාධ්‍ය දෙකෙන්ම ප්‍රදර්ශන කල ප්‍රථම චිත්‍රපටිය වෙයි.
මෙහි මූලික රූගත කිරීම් සිදු කර ඇත්තේ ජර්මනිය හා මැලේසියාව යන රටවල් වලය. මෙහි ගීත කලින් ඩොන් චිත්‍රපටියේ තරම් ජනප්‍රිය නොවුනද එම ගීත සියල්ලම චිත්‍රපටිය හා ගලා යන ලෙස නිර්මාණය කර ඇත.

මෙහි තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මෙහි ජනප්‍රිය නළු රිතික් රෝෂන් ගේ ද අපූරු ආරාධිත රංගනයක් ඇතුලත් වීමයි. මේ චිත්‍රපටිය සඳහා හොඳම නළුවා , හොඳම සටන් ජවනිකා , ජනප්‍රියම නළු-නිලි යුගලය ඇතුලු සම්මාන ‍රැසක් හිමිවිය.

ඩොන්2 ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියකි.

චිත්‍රපටිය බා ගැනීමට http://1337x.org/torrent/281619/Don-2-DVDScr-XviD-1CDRip-DDR/
චිත්‍රපටිය නැරඹීමට http://www.youtube.com/watch?v=eYgzf39-n9w

Zindagi Naa Milengi Dobara (2011)





















මේ චිත්‍රපටියේ නමේ තෙරුම ජීවිතය දෙපාරක් ලැබෙන්නෙ නෑ කියන එකයි . මේක ඇත්තද ? ආගම් හෝ දර්ශණ අනුව බලන කොට නම් එක ඇත්ත නෙමේ. එත් මේ චිත්‍රපටියෙන් කියන්නෙ ජීවිතයේ අපට ලැබෙන සමහර අවස්ථාවන් මගහරින්න එපා කියලා. එම අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. ජීවිතය ජීවත් වෙන හැටි මෙන්ම ජීවිතය විඳින්න කියල දෙන ලස්සන චිත්‍රපටියකි .

 2011 වසරෙ මම නැරඹූ හොඳම චිත්‍රපටිය තමයි මේ Zindagi Naa Milengi Dobara සිනමා පටය . ‍ෆිල්ම්ෆෙයාර් ඇතුලු සම්මන උලෙලවල් ‍රැසකදීම මෙම චිත්‍රපටිය සම්මාන ‍රැසක් හිමි කර ගත්තා . මෙම චිත්‍රපටියෙ කතාව කෙටියන් කියනවානම් අර්ජුන් , කබීර් , ඉම්රාන් යන මිතුරන් තිදෙනා Spain වලට යන චාරිකාවදි හමුවන පුද්ගලයන් , ලැබෙන අත්දැකීම් හා ඔවුනොවුන් අතර ඇතිවන මත ගැ‍ටුම් අනුව ඔවුන්ගෙ ජීවිතවල වෙනසක් ඇතිවේ. මෙහි වැඩි කොටසක් රූගත කර ඇත්තේ Spain වල වන අතර මෙම චිත්‍රපටියෙ පසුතල දර්ශන නෙත් ඇද ගන්නාසුලු වේ. මට පුද්ගලිකවම මෙම චිත්‍රපටිය නැරඹීමෙන් පසුව Spain හා Spanish භාශාව ගැන විශාල උනන්දුවක් ඇති වුනා .

 මෙහි අධ්‍යක්ශනය Zoya Akthar (Farhan Aktar ගෙ වැඩිමහල් සොහොයුරිය) විසින් කල අතර නිශ්පාදනය Excel Entertainment විසින් සිදු කරන ලදි. මෙහි අර්ජුන් , කබීර් හා ඉම්රාන් ලෙස Hrithik Roshan , Abhay Deol, Farhan Akhtar රංග දක්වයි. මීට අමතරව Katrina Kaif, Kalki Koechlin, Ariadna Cabrol, Naseeruddin Shah යන නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා . මේ චිත්‍රපටිය අනෙක් බොලිවූඩ් චිත්‍රපටි වලට වඩා ගොඩක් වෙනස් චිත්‍රපටියක්.

ඔබත් නරඹා ඔබෙ අදහස් මෙහි පලකරන්න .

 චිත්‍රපටියේ ටොරන්ට් එක මෙතනින් බා ගන්න.

 http://1337x.org/torrent/222732/Zindagi-Na-Milegi-Dobara-Hindi-2011-PDVD-Rip-Xvid-mastitorrents/